අපි කවුරුද, අපි සැනසිල්ලේ,සැනසෙන්නම් ඇතුළු ගීත 07ක් ගායනා කිරීම සේනක බටගොඩට තහනම් කරයි

ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද වාරණයක් නිකුත් කළේය.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් යන ගීත 7 ගායනය කිරීම වළක්වමින් එලෙස වාරණ නියෝගය නිකුත් කර ඇත.

ඒකාබද්ධ ගීත පදරචනය තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම තීරණය දැනුම්දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *