ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දෙදෙනෙක් ආපදා වන්දි ලක්ෂ 10 එපා කියයි – දුප්පතුන්ටම දෙන්නැයි කියයි

මහව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙක් විසින් තමන්ට ලැබූණු තක්සේරු කල වන්දි මුදල් වන ලක්ෂ 10ක මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.එම මුදල දුප්පතුන් සදහා ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.

ඔවුන් කියා සිටින්නේ දිට්වා කුණාටුවෙන් හානි වූ කොටස් අලුත්වැඩියා කිරීම සදහා රජයෙන් ලැබුණු රුපියල් 25,000ක මුදල ප්‍රමාණවත් වූ බවයි.

මහකඩුවාවා පදිංචි 80 හැවිරිදි එම්.ඒ රණ්බන්ඩා මහතා සහ මාලිංගමුවේ පදිංචි 82 හැවිරිදි ඩිංගිරිබණ්ඩා යන දෙදෙනා මෙම මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *