රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක් ලබා දීමට රජය තීරණය කරයි

රාජ්‍ය ඔසුසල්වලින් ඖෂධ මිලදී ගැනීමේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වට්ටමක් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන ඇතැයි කම්කරු ඇමති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝජග 27/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආචාර්ය අනිල් ජයන්ත මහතා මේ බව පැවසුවා.

රාජ්‍ය ඔසුසල් මඟින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කාඩ්පත් භාවිතයෙන් ගෙවීම් සිදු කරන්නේ නම් 3%ක වට්ටමක් ද, මුදල්වලින් ගෙවීම සිදු කරන්නේ නම් 5%ක වට්ටමක් ද මේ වන විට ප්‍රදානය කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යහපත් ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වත්මන් ආණ්ඩුවෙන් සිදු කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *