පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව මාර්තු මස 7 වැනිදා සිට ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා වන සංසදය තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වැඩසටහන සඳහා ඒකාබද්ධ කරගැනීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ට බෙදාහැරිය යුතු පොත් සකස් කිරීමේ කටයුතු මේ දක්වා අවසන් කිරීමට අමාත්‍යාංශයට නොහැකිවීම ඉහත තීරණය ගැනීමට හේතු වී ඇත.