ක්රිකට් අතුරු පාලක මණ්ඩලය අහෝසි කෙරෙනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග කියා සිටී.
හිටපු ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු කමිටුවක් පිහිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
ඒ සමගම ක්‍රිකට් ආයතනය විසින් අධිකරණයට ගොස් ඒ සඳහා තහනම් නියෝගයක් ලබා ගෙන ඇති අතර මෙතෙක් එහි අවසන් තීන්දුව ලබා දී නැත.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත්තේ ක්‍රිකට් පරිපාලනය සඳහා දේශපාලන මැදිහත්වීමක් සහිත අතුරු කමිටු ප්‍රතික්ෂේප කරන බවත් ක්‍රීඩා සංගම් වල ඡන්දයෙන් තේරී පත් වූ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ දිගටම කටයුතු කරන බවත්ය.
මෙය අතර නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙමින් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේ ක‍්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක වන බවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතුරු කමිටු පිළිනොගන්නා බවත් නීති කඩකරමින් දූෂණ නැති කල නොහැකි බවත් ඔහු සඳහන් කළේය.