ජනප්‍රිය රැප් ගායක ශාන් පුතාග ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට

ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන ශාන් පුතා නමැත්තා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමගින් මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදී අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම පොලිසිය විසින්.

මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් සහ මෙම සැකකරුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකුද මේ සමග අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන්නේ.

සැකකාර පොලිස් කොස්තාපල් මාතර කොටවිල පොලිස් ස්ථානයෙ සේවය කරමින් සිටින අතරතුර එම ගිනි අවිය සොරාකම් කොට ගෙන විත් ශාන් පුතා නම් ගායකයාට ලබා දී ඇති අතර පසුව මෙම කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාසයේ රාජකාරී සදහා ස්ථාන මාරුවක් ලැබ ගොස් තිබියදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි සිදු කල ප්‍රශ්න කිරිම් හමුවේ මෙම ගිනි අවිය පිලිබද ලද තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *