රිය අනතුරක් සිදුකර ශානී අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතා, රිය අනතුරක් සිදුකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව, අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

සිය ආරක්ෂාව තර කරන ලෙස ශානී අබේසේකර මහතා ගොනු කළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතීඥ රොහාන්ත අබේසූරිය මහතා මේ බව හෙළි කර තිබේ.

බුද්ධි අංශ විසින් මේ බව තහවුරු කර ඇතැයි, අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා වැඩිදුරටත් අභියාචනාධිකරණය දැනුවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *