පසුගිය රජය සමයේ ඉන්ධන පිරවුම්හල් අසල පැවති පෝලිම් යුගය පිළිබඳව අදහස් දක්වමින් ශාන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ තම ජනතාව පීඩාවට පත්වන අයුරින් පෝලිම්වල රැඳී සිටිනවා දැකීමට අකමැති බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, පසුගිය කාලසීමාවේ පෝලිම් නිර්මාණය වීමට බලපෑ තත්ත්වයන් පිටුපස දේශපාලන මැදිහත්වීම් තිබූ බවයි. විශේෂයෙන්ම, තමන් ආණ්ඩුවේ සිටි කාලසීමාව තුළ ඉන්ධන පිරවුම්හල්වල තොග අවසන් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) කටයුතු කළ බවට ඔහු මෙහිදී චෝදනා කළේය.