ශෂින්ද්‍ර රාජපක්ෂ නින්ද නොයන රෝගයකින් පෙලෙනවා – ඔහුගේ නිතීඥයා අධිකරණයට කියයි

මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවසරයෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ, පසුගිය අරගල සමයේ දී එම ගොඩනැගිල්ල ගිනිබත් වීමෙන් පසුව, නිළධාරීන්ට බලපෑම් කොට එම ගොඩනැගිල්ල වෙනුවෙන් වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, අද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

එම අවස්ථාවේ දී ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් පවසා ඇත්තේ, සිය සේවා දායකයා නින්ද නොයන රෝගයකින් පීඩා විදින බැවින් ඔහුට ඇප ලබා දෙන ලෙසයි. එමෙන්ම, ශෂීන්ද්‍ර රාජපක්ෂ එළැඹෙන ඔක්තෝබයේ දී නීති විද්‍යාලයේ පළමු වසර විභාගයට පෙනී සිටීමට නියමිත බවද නීතීඥවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

ඊට අමතරව, ප්‍රශ්න ගත ඉඩම හෝ ගොඩනැගිල්ල සිය සේවා දායකයා වන ශෂීන්ද්‍ර රාජපක්ෂට අයත් නොවන බව ද නීතීඥවරයා පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *