හෙට සිට ශ්‍රී ලංකාව පුරා නොමිලේ ෂොපින් බෑග් තහනම්

පරිසරය සුරැකීමේ අරමුණින් ගනු ලැබූ තවත් වැදගත් තීරණයක් හෙට (01) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව, වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

පසුගිය ඔක්තෝබර් 01 වන දින නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනයට අනුව, හෙට දිනයේ සිට පාරිභෝගිකයෙකුට ෂොපින් බෑගයක් අවශ්‍ය නම්, ඒ සඳහා නියමිත මිලක් ගෙවීමට සිදුවනු ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න මහත්මිය, මෙම නීතිය විශේෂයෙන්ම අත් සහිත (handles) ෂොපින් බෑග් සඳහා ක්‍රියාත්මක වන බව අවධාරණය කළාය.

ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ නැවත භාවිත කළ හැකි බෑග් සඳහා ජනතාව යොමු කරවීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *