සංචාරකයින්ට සිගීරි ගල මුදුනටම යන්න ද්විත්ව මාර්ගයක් හදයි

සීගිරිය සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා සංචාරකයන්ට ගමන් කිරීමට දැනට තිබෙන පඩිපෙළ මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සකස් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත.

මීට අමතරව සීගිරියේ සිංහ පාදය දක්වා දැනට පිවිසීමට තිබෙන මාර්ගයට අමතරව තවත් මාර්ගයක් සකස් කිරීමටද කටයුතු යොදා ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පැවසුවේය.

මේ අනුව උගුල් ගල අසල සිට සිංහ පාදය දක්වා මාර්ග දෙකක් සකස් කිරීමට කටයුතු යොදා තිබේ. ප්‍රවේශවීම සහ පිටවීමට අදාළව මෙම මාර්ග දෙක වෙන් වෙන් වශයෙන් ඉදිකරන බවද මහාචාර්යවරයා කීවේය.

මීට අමතරව සිංහ මළුව සම්පූර්ණයෙන්ම විවේක ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු යොදා තිබේ. එහි ආපන ශාලාවක් ඉදිකිරීමටද නියමිතය.

මෙම සංවර්ධන කටයුතු සඳහා කොරියානු ආධාර යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන අටක් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *