සීගිරියට පඩිපෙල් මාර්ග දෙකක් ඉදි කිරීමට තීරණය කරයි

සීගිරියේ සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා ද්විත්ව පඩිපෙල් මාර්ගයක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සැලසුම් කර ඇත.

සිංහ පාදයේ සිට පර්වතය මුදුන දක්වා දැනට ඇත්තේ එක් මාර්ගයක් වන අතර, සංචාරකයන් විශාල ලෙස සීගිරිය නැරඹීමට පැමිණෙන අවස්ථාවල එම මාර්ගයේ දැඩි තදබදයක් පවතී. මේ හේතුවෙන් ද්විත්ව මාර්ගයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

සති අන්තයේදී සීගිරිය නැරඹීමට දේශීය සංචාරකයන් 6,000 ත් 8,000 ත් අතර සංඛ්‍යාවක් පැමිණෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘති කළමනාකරු එච්.ඒ.සී. ගයාන් පැවැසීය. එසේම විදෙස් සංචාරකයන්ද 3,000 ක් පමණ පැමිණෙන බවද ඔහු කීවේය. වෙසක්, පොසොන් ආදී කාලයන්හිදී මෙම සංඛ්‍යාව 15,000 ක් පමණ දක්වා ඉහළ යන බවද ඔහු පවසයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට මෙම ද්විත්ව පඩිපෙළෙහි ඉදිකිරීම් කටයුතු භාරදීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *