සිංගප්පූරුවෙන් ආනයනය කරන භාණ්ඩවල බද්ද 10% සිට 6% දක්වා පහළ දමයි


‍ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද හෙවත් “පැල්” අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.

මාර්තු මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක් වූ පැල් බද්ද සියයට 6 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව‍ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන සිමෙන්ති, ඇපල් ඇතුළු පලතුරු වර්ග කිහිපයක්, සහ ළදරු කිරි ආහාර සඳහා අයකළ අදාළ බද්ද සියයට 6 දක්වා අඩු කර ඇ.ත.

ඊට අමතරව පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය, රෙදිපිළි සඳහා වන අමුද්‍රව්‍ය, වාහන අමතර කොටස්, යතුරුපැදි සහ පාපැදි අමතර කොටස් සඳහා ද වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද ද සියයට 10 සිට සියයට 6 දක්වා අඩුකර ඇති බව වාර්තා වෙයි.

ඖෂධ වර්ග, ශල්‍ය උපකරණ, විද්‍යුත් උපකරණ, නාන කාමර උපකරණ, පොලිතින් හා ප්ලාස්ටික්, ඇලුමිනියම් සහ ලී භාණ්ඩ සඳහා අයකරනු ලබන බදු ද සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *