සිරි දළදා වන්දනාව හෙට ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”හෙටින් (18) ආරම්භ වෙයි.

මෙහි සමාරම්භය හෙට දහවල් 12.30ට පමණ සිදු කෙරෙන අතර ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගි වීමට නියමිතය. 

තවද, විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වීමට අපේක්ෂා කරන අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යාමට කටයුතු සූදානම් කර තිබේ. 

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහානා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව හෙට සිට අප්‍රේල් 27 වනදා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන හෙට (18) දින පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසාදී තිබෙන අතර අනිද්දා (19) සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *