සජිත්ට වැඩ තියෙනවා නම්, මැයි රැළියට එන්නේ නැතුව ඉන්න ඕනේ – සජබ වෘත්තිය සමිත නායක ආනන්ද පාලිත

සමගි ජන බලවේගයේ මැයි රැළියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රැළිය අවසන්වීමට පෙර නැගිට යාම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත පවසනවා.

ඒ අනුව මැයි දිනයේදී කිසිදු නායකයෙකුට වෙනත් වැඩ තිබීමට නොහැකි බවත්, අවසන් කම්කරුවාද මැයි දිනයෙන් යන තෙක් ඔහු සිටිය යුතු බවයි අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඔහු වෙනත් වැඩ යොදා ගෙන ඇත්නම්, මැයි දිනයට නොපැමිණ සිටිය යුතු බවද, තමන් ආණ්ඩුව මෙන් නොව පක්ෂ නායකත්වයට වහල් වී නොසිටින බවද, තමන් සිටින්නේ වැඩකරන පන්තිය සමඟ බවද ආනන්ද පාලිත ප්‍රකාශ කළා.

රැළිය සාර්ථක බවත්, එක් පුද්ගලයෙකුගේ ක්‍රියා කලාපය නිසා රැළිය අසාර්ථක නොවන බවත්, අසාර්ථක වූ රැළිය ති‍බුණේ ගාලු මුවදොර පි‍ටියේ බවයි ආනන්ද පාලිත වැඩිදුරටත් පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *