කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට යෝජිත බව පැවසෙන රීසා සරුක්ට එරෙහිව ”අරගලයේ නියමුවෝ” සංවිධානයේ කැඳවුම්කරු ප්රදීප් චාල්ස් විසින් අල්ලස් හෝ දුෂණ කොමිෂමට ඊයේ පැමිනිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.
ඒ, කොළඹ නගර සභාවේ සිදුව ඇතැයි කියන මහ පරිමාණයේ වංචාවක් සම්බන්ධ විගණකාධිපති වාර්තාවක් ද සමගින්.