නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට විශ්වාසභංගයක් ගෙන ඒමේ අවුලක් තියෙනවා – සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සජබය ප්‍රමුඛ විපක්ෂය විසින් කටයුතු කර තිබේ. 

කෙසේ වෙතත්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආ නොහැකි බව රජයේ මතය වී තිබෙන අතර, නීති විශාරදයන් පවසන්නේ ද නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ගැටළුසහගත බවයි. 

මේ අතර සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු- මන්ත්‍රී රෝහණ බණ්ඩාර ද නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ අවුලක් තිබෙන බව පවසයි. 

එබැවින්, දැනට ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව වෙනුවට, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහිව වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයට යාමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *