සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් ඉවත්වෙයි

පක්ෂයේ දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් ඉවත්වීමට සිදුව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා.

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව සම්මත කළ තීරණයකට අනුව මෙලෙස දිස්ත්‍රික් දේශපාලන කටයුතුවලින් ඉවත්වීමට සිදුවූ බවයි අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා සඳහන් කළේ.

අභ්‍යන්තර ගැටළුවක් හේතුවෙන් දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *