ඉන්දියාවේ එක්ක නොගියාට සජබ මන්ත්‍රීලා නායකත්වය දැඩිව විවේචනය කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව සිටින බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මෙවැනි නිල හමු වලට යෑමේදී අඩු තරමින් ආර්ථිකය සහ විදේශ කටයුතු ඇතුළු විශේෂිත විෂයයන් කෙරෙහි ප්‍රාමාණික දැනුමක් ඇති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හෝ සම්බන්ධ කර ගත්තේ නම් එය ඉතා ඵලදායී වනු ඇතැයි පක්ෂයේ බොහෝ දෙනාගේ මතය වී ඇත.

විපක්ෂ නායකවරයාගේ මෙම නිල සංචාරයට සහභාගි වී ඇත්තේ ඔහු සහ පක්ෂයේ තවත් නිලධාරියකු පමණි. සංචාරයේදී විපක්ෂනායකවරයා ඉන්දියාවේ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකුම මුණගැසී සාකච්ඡා කළේය.

  • මූලාශ්‍රය – ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *