වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින් හිටපු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියේ, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීම හේතුවෙන් තමන් ඇතුළු පිරිස දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි. මෙය “ලැජ්ජා නැති ආණ්ඩුවක්” ලෙස හඳුන්වමින් ඔහු කියා සිටියේ තමන්ට ජීවත් වීමට වෙනත් මඟක් නොමැති බවයි.
තමන්ට අවශ්‍ය බෙහෙත් හේත් පවා ලබා ගන්නේ මෙම වැටුපෙන් බවත්, එය අහිමි කිරීම මානුෂීය නොවන බවත් ඔහු අවධාරණය කළේය.
“මේක ලැජ්ජ නැති ආණ්ඩුවක්. අපට දැන් ජීවත් වෙන්න විදිහක් නැහැ. මම බෙහෙත් ටික ගන්නෙත් ඔය ලැබෙන වැටුපෙන්. ඒ නිසා වහාම අපේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබා දෙන්න කටයුතු කරන්න.” — රංජිත් මද්දුම බණ්ඩාර