රිලවෙක් ඇල්ලුවොත් 500ක්,1000ක් දෙමු – සජබ මන්ත්‍රී සුජිත් සංජය කියයි

අඩු ගණනේ රිලවෙක් දෙන්නෙක් අල්ලගෙන ආවොත් රුපියල් පන්සීයක්, දාහක්වත් මිනිසුන්ට දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කළොත් හොඳ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“පොල් ගෙඩි මිලියන ගණනින් රිලවු විසින් විනාශ කරනවා. අප මේ සතුන් සංහාරය කරන්නත් හැකියාවක් නෑ. එහෙම කළොත් පරිසර සංවිධාන විරුද්ධව නැගිටිනවා වන්ද්‍යාකරණ වැඩසටහනක් වත් කරන්න පුළුවන් නම් හොඳයි” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *