සමගි ජන බලවේගයේ සිටින්නේ කිසිදු චෝදනාවක් නොමැති පිරිසක් බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ඒ අනුව, සිය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළුව, මහලේකම් ලෙස තමා සහ, භාණ්ඩාගාරික, ජාතික සංවිධායක, නියෝජ්‍ය සභාපතිවරු යන සියල්ලන්ටම කිසිදු චෝදනාවක් නොමැති බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.