ශ්‍රි ලාංකික 17 හැවිරිදි සිසුවෙක් වැස්සට ඔරොත්තු දෙන කොලිටිය වැඩි බල්බ්වැල් නිපදවා විකුණයි

විදේශ රටට ඇදී යන ඩොලර් කීපයක් හෝ ඉතිරි කර ගැනීමේ අරමුණින් බල්බ් වැල් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ සිසුවෙකු පිළිබඳ පුවතක් එප්පාවල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

නමින් පවන් නිම්සර දිසානායක වන ඔහු වයස අවුරුදු 17 ක පාසල් සිසුවෙක්. ඔහු ළඟ බල්බ යොදා ගෙන ඉතා ගුණාත්මක බවින් යුතුව, වර්ෂා ජලයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කරනු ලබන මේ බල්බ් වැල් වසර කීපයක්ම භාවිත කළ හැකි පරිදී උසස් ප්‍රමිතියෙන් පවතින බව වාර්තා වෙනවා.

ඒසේම, ඔහුට ඉතා කෙටි කාලයක් තුළ විදුලි බල්බ වැලක් නිර්මාණය කිරීමේ හැකියාවක් සහ දක්ෂතාවයක් ඇති බවත් අපිට පෙනී ගියා.

ඔහු තමන්ගේ කුඩා ව්‍යාපාරය ගැන අදහස් දැක්වූයේ මේ අයුරින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *