ආර්ථික අපහසුතාවන් හේතුකොට ගෙන වසරකට උපසම්පදා භික්ෂූන් 2000කට අධික සංඛ්‍යාවක් උපැවිදි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා මානෙල්වත්ත නාගානන්ද විහාරස්ථානයේදී පැවති උත්සවයකට එක්වෙමින්.
බුද්ධ ශාසන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.