2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35ක අපනයන ආදායමක් වාර්තා කර තිබේ. එය 2024 එම කාලයට සාපේක්ෂව 7.14% ක වර්ධනයකි.
2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,386.66 විය. මෙය 2024 මැයි මාසයට සාපේක්ෂව 6.35% ක වාර්ෂික වර්ධනයකි. එය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ සාධනිය මට්ටම සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීමටත්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.