ආර්ථිකය යහපත් වන බවට ජනතා විශ්වාසය 58% දක්වා ඉහළට යයි

ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී විසින් අඛණ්ඩව සිදු කරමින් පවතින සමීක්ෂණයක ජනවාරි මාසයට අදාල ප්‍රතිඵල ඔවුන් විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, ඉදිරි මාස දොළහ තුළ ආර්ථිකය සුබවාදී අතට වෙනස්වනු ඇති බවට වන විශ්වාසය, සමීක්ෂණය සදහා සහභාගී වූවන්ගෙන් 58% ක පිරිසකට පවතී.

මෙහි විශේෂත්වය වන්නේ, පසුගිය වසරේ සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර, ආර්ථිකය සුබවාදී වනු ඇතැයි විශ්වාසය පලකර තිබුණේ 8% ක පිරිසක් පමණක් වීමය.

ජනවාරි මාසයේ දී ආර්ථිකය පිළිබද සුබාවාදී දැක්මක් සහිත පිරිස 58% ක් දක්වා ඉහළ අගයකට පැමිණ තිබෙන්නේ, දෙසැම්බරයේ දී එය පැවති 41% ක අගයක සිට 17% ක වර්ධනයක් සමගිනි.

මෙම සමීක්ෂණය පිළිබදව ඩේලි එෆ්.ටී. සම්පූර්ණ වාර්තාව කොමෙන්ටු තීරයට එක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *