ලංකාවේ වායුවේ ගුණාත්මකභාවය පහළට – ස්වසන,පෙනහළු රෝගීන්ට මුව ආවරණ පලදින්න කියයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහත වැටී තිබෙනවා.

කොළඹ, ගාල්ල, යාපනය, මන්නාරම යන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර කියා හිටියේ.

ඉන්දියාවේ සිට පැමිණෙන සුළං ධාරා රට හරහා ගමන් කිරීම මීට හේතු වී තිබෙනවා.

එබැවින් ශ්වසන රෝගීන් හෝ පෙනහලු අශ්‍රිත රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබන පුද්ගලයින් සිටි නම් මුඛ ආවරණයක් පලදින ලෙසයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, අජිත් වීරසුන්දර ඉල්ලා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *