ශ්‍රි ලංකාවේ සියළුම පුරාවිද්‍යාත්මක ස්ථාන අවුරුදු 18ට අඩු ළමුන්ට නොමිලේ නැරඹීමට අවස්ථා ලබා දෙයි

025.04.25 දින පැවති 222 වන පාලක මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කරන ලද 222.04.04 දිනැති පත්‍රිකාව මත පදනම්ව, වයස අවුරුදු 18 ට අඩු දේශීය දරුවන් සඳහා නොමිලේ උරුම භූමිකාවලට (Non-ticketed Heritage Sites) නොමිලේ ප්‍රවේශය ලබාදීම පිළිබඳවත්, එමෙන්ම විදේශීය වයස අවුරුදු 18 ට අඩු දරුවන් සඳහා සීමිත කොන්දේසි යටතේ ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීම සඳහා පාලක මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙම ක්‍රියාවලිය 2025.07.01 දින සිට ක්‍රියාත්මක වේ.

මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වන්නේ, දේශීය දරුවන්ට සංස්කෘතික උරුමය පිළිබඳව වටිනාකමක් එක්කිරීම වන අතරම, ජාතික උරුම ආයතන හා ස්ථාන පිළිබඳ අවබෝධයක් ඇති කරවීමයි. විදේශීය දරුවන් සඳහාත් යහපත් හා සාධාරණ ක්‍රමයක් යටතේ ප්‍රවේශය ලබාදීම සලස්වනු ලැබේ.

මෙම පියවරවලින්, ජාතික උරුම ස්ථානවල සංචාරය කිරීම සම්බන්ධයෙන් දරුවන්ට සුදුසු අවස්ථා සහ වටිනා අධ්‍යාපනික අත්දැකීම් ලබාදීම අපේක්ෂා කෙරෙයි. විශේෂයෙන්ම, දේශීය දරුවන්ගේ වයස අනුව නිදහස් ප්‍රවේශය ලබාදීම, ඔවුන්ගේ ජාතික උරුමය පිළිබඳ සත්‍ය අවබෝධය හා උනන්දුව වර්ධනය කිරීමේ අරමුණෙන් සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *