ශ්‍රි ලංකාව හරි ආදරණීය රටක් – ලංකාවෙන් නික්ම යන ඇමරිකා තානාපති ජූලි චංග් කියයි

එක්සත් ජන­ප­දය නියෝ­ජ­නය කරන ඉහ­ළම රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රි­නිය ලෙස වසර 40කට ආසන්න කාල­යක් සේවය කළ එක්සත් ජන­පද තානා­ප­තිනි ජූලි චංග් මහ­ත්මිය ශ්‍රී ලංකාවේ ධුර කාලය අව­සන් කර ලබන 16දා ශ්‍රී ලංකා­වෙන් පිටත්ව යෑමට නිය­මි­තය.

තමන් ශ්‍රී ලංකාවේ ගත කළ සෑම මොහො­තක්ම ආද­ර­යෙන් වැලඳ ගත්තා යැයි ඇය සිය ධුර කාලය පිළි­බඳ අද­හස් දක්ව­මින් පැව­සු­වාය.

පළමු දිනයේ සිටම, මගේ අව­ධා­නය යොමු වී තිබුණේ අමෙ­රි­කාවේ ළැදි­යා­වන් ඉදි­රි­යට ගෙන­යෑම සඳ­හායි. එනම් අප දෙර­ටම ශක්ති­මත් කරන ආර­ක්ෂක හවු­ල්කා­රිත්ව සවි­මත් කිරීම, වෙළෙ­ඳාම හා ආයෝ­ජන පුළුල් කිරීම සහ අධ්‍යා­ප­නය සහ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී අග­යන් ප්‍රව­ර්ධ­නය කිරීම සඳ­හායි.

“එකට එක්ව, අපි අමෙ­රි­කානු ජන­තා­වට ප්‍රති­ඵල ලබා­දෙන, නිද­හස්, විවෘත සහ ආර­ක්ෂිත ඉන්දු -පැසි­ෆික් කලා­ප­ය­කට සහාය වන සම්බ­න්ධ­තා­වක් ගොඩ­නඟා තිබෙ­නවා” යැයි ද ඇය වැඩි­දු­ර­ටත් කීවාය. 2022 වසරේ පෙබ­ර­වාරි මාස­යේදී ඇයගේ ධුර කාලය ආරම්භ වූ අතර එම කාල­ව­ක­වා­නු­වේදී වැද­ගත් සංධි­ස්ථාන කිහි­ප­යක් පැව­ති­යේය.

2023 වස­රෙහි පැවති අමෙ­රි­කානු එක්සත් ජන­ප­දය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳ­තා­වන්හි 75 වැනි සංව­ත්ස­රය, 2024 වස­රෙ­හිදී එක්සත් ජන­පද පීස් කෝර් ස්වේච්ඡා සේව­ක­යන්ගේ නැවත පැමි­ණීම සහ ෆුල්බ්‍ර­යිඩ් වැඩ­ස­ට­හනේ 80 වැනි සංව­ත්ස­රය මේ අත­රට ඇතු­ළත්ය.

2022 වසරේ ඔක්තෝ­ම්බර් මාස­යේදි තනා­පති කාර්ය­ලය LEED රන් සහ­තික ලත් නව පරි­ශ්‍ර­යක් වෙත ගෙන­යෑ­මද ඇය අධී­ක්ෂ­ණය කළාය. එය ශ්‍රී ලංකාව තුළ තිර­සර, ආර­ක්ෂිත සහ දිගු­කා­ලීන පැවැ­ත්මක් පව­ත්වා­ගෙ­න­යෑම සඳහා අමෙ­රි­කාවේ ඇති කැප­වීම පිළි­බිඹු කරන සන්ධි­ස්ථා­න­යක් වේ. ඉන්දු – පැසි­ෆික් කලා­පයේ අනා­ග­තය සඳහා අවැසි නවීන හවු­ල්කා­රී­ත්ව­යක් ගොඩ­නැ­ඟීම සඳහා වන එක්සත් ජන­ප­දයේ අව­ධා­නය අව­ධා­ර­ණය කරයි.

චංග් තානා­ප­ති­ව­රි­යගේ නාය­ක­ත්වය යටතේ, එක්සත් ජන­පද තානා­පති කාර්යා­ලය ශ්‍රී ලංකාවේ ආර්ථි­කය යථා තත්ව­යට පත් කර­ගැ­නී­මට සහාය වීම සඳහා මුල­පි­රීම් රැසක් ක්‍රියා­වට නැංවීය.

අයි­එ­ම්එෆ් විස්තීර්ණ අර­මු­දල් පහ­සු­කම සඳහා එක්සත් ජන­ප­දයේ සහ­යෝ­ගය ලබා දීම, ආහාර සුර­ක්ෂි­ත­භා­වය ශක්ති­මත් කිරීම සඳහා එක්සත් ජන­පද කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තු­වෙන් ලබා දුන් බහු­විධ පැකේ­ජ­යන් සහ මෑත­කදී 2025 දෙසැ­ම්බර් මාස­යේදී, දිට්වා සුළි කුණා­ටු­වෙන් බල­පෑ­මට ලක්වූ ප්‍රජා­වන්ට කාලෝ­චිත මානු­ෂීය සහාය ලබා­දෙ­මින් ආපදා ප්‍රති­චා­ර­යන්ට සහාය දැක්වී­මද මේ කාර්ය­යන් අතර ඉතා වැද­ගත් වේ.

එක්සත් ජන­ප­දය, ශ්‍රී ලංකාව සමඟ පව­තින හවු­ල්කා­රි­ත්ව­යට කැපවී සිටින අතර, චංග් තානා­ප­ති­තු­මි­යගේ වසර හත­ර­කට ආසන්න ධුර කාලය තුළ ස්ථාපිත කරන ලද ශක්ති­මත් පද­නම තව­දු­ර­ටත් ගොඩ­නැං­වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජන­තාව සමඟ සමී­පව කට­යුතු කරනු ඇතැයි මෙරට අමෙ­රි­කානු තානා­පති කාර්ය­ලය පව­සයි.

නව එක්සත් ජන­පද තානා­ප­ති­ව­ර­යකු පැමි­ණෙන තෙක් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ජේන් හොවෙල් මහ­ත්මිය, වැඩ බලන තානා­පති ධුරයේ කට­යුතු කරනු ඇති බවද ශ්‍රී ලංකාවේ ඇමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය තව­දු­ර­ටත් පව­සයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *