හමුදාවෙන් පැන අපරාධ කරන 3000ක් අත්අඩංගුවට ගැනීම අරඹයි

හමුදාවෙන් පැනගොස් නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් 3,000කට ආසන්න පිරිසක් මෙරට සහ විදේශයන්හි සිටින බව හඳුනාගෙන ඇති බවත් මුලින්ම ඔවුන් අත්ඩංගුවට ගැනීමට යොමු වන බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නලීන් හේරත් පැවසීය.

එමෙන්ම එසේ අත්ඩංගුවට ගන්නා නිලධාරීන් පොලිසියට භාර දී නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද එසේ අපරාධවලට සම්බන්ධ වී නැතිනම් යුද හමුදා පනත, නාවික හමුදා පනත හෝ ගුවන් හමුදා පනතට අනුව ක්‍රියා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් නොවී සේවයෙන් පලා ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,557 දෙනෙකු මේ වන විට අත්ඩංගුවට ගෙන ඇති අතර  යුද හමුදාව සහ පොලිසිය එක් වී මේ වන විට ක්‍රියාත්මක කරන අත්ඩංගුවට ගැනීමේ ක්‍රමවේදය සාර්ථක බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අත්ඩංගුවට ගත් අය අතර යුද හමුදා සේවයේ නිරතව සිටි සෙබළුන් 1,990 ක් ද, නාවික හමුදාවේ සෙබළුන් 129ක් ද, ගුවන් හමුදාවේ නිලධාරීන් 159ක් ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා හෙළි කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *