මෙරට බැංකුවල ණය පොලී අනුපාතිකයන් තවදුරටත් පහළ දමයි


ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් ලකුණු 25 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, ඊයේ (23) පැවති රැස්වීමකදීයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.25%කින්ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.25% කින්ද පහළ යනු ඇති.

මධ්‍ය කාලීනව 5%ක ඉලක්කගත මට්ටමේ උද්ධමනය පවත්වා ගැනීමේ අරමුණින් දේශීය හා ගෝලීය පෙරමුණුවල වත්මන් සහ අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සහ විය හැකි අවදානම් සහ අවිනිශ්චිතතා පිළිබඳ මනා තක්සේරුවකින් අනතුරුව මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබෙනවා.

ආර්ථිකය එහි සම්පූර්ණ ධාරිතාව කරා ළඟා වීමට මෙම තීරණයට එළඹීමේදී, ලිහිල් කරන ලද මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලා ඇති බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *