ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබාදී ඇති රටවල කමිටුව ලබන සතියේ රැස්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
එම රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත් වීමට හැකියාව ලැබෙන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
හලාවත, කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා.