බැංකුවලට කෝටියකට වැඩි මුදලක් පොලු තියපු ගණන 4000 ඉක්මවයි

විවිධසමාගම් සහ  ආයතන  ඇතුළු පුද්ගලයන්  4479ක්  රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ගණනින් බදු මුදල් රජයට පැහැර හැර ඇති බවට තොරතුරු අධ්‍යයනවලදී පෙනී  යන්නේ යැයි  පේරාදෙණිය  විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

ඊට  මත්පැන් නිෂ්පාදන ආයතන රැසක්ද ඇතුළත් වන බව පැවසූ හෙතෙම මෙම  පිරිසෙන් කෝටියේ සිට එක්කෝටි පනස් ලක්ෂය දක්වා බදු මුදල්   පැහැර හැර ඇති සංඛ්‍යාව 3108 ක් බවද  ප්‍රකාශ කළේය.

කෝටි පහේ සිට කෝටි දහය දක්වා මුදලින්  බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 632ක් බවත් රුපියල් කෝටි දහයේ සිට කෝටි 30 දක්වා බදු මුදල් පැහැර හැර ඇති ඇති සංඛ්‍යාව 457 ක් බවත් මහාචාර්යවරයා කීවේය.

රුපියල් කෝටි තිහේ සිට රුපියල් කෝටි පනහ දක්වා බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 104කි.

රුපියල් කෝටි පනහේ සිට කෝටි සියය දක්වා බදු මුදල් පැහැර ඇති සංඛ්‍යාව 88ක් බවත්  කෝටි 100ට වැඩි ගණනින් බදු මුදල් පැහැර හැර ඇති සංඛ්‍යාව 90 ක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *