ලංකාවේ බැංකු ඩොලර් විකිණීමෙන් අසාධාරණ ලෙස කොමිස් මුදලක් ගනිමින් ලාභ හොයයි

මේ වනවිට අවප්‍රමාණය වී ඇති ඇමෙරිකානු ඩොලර් වාණිජ බැංකු විසින් මිලදී ගැනීමේදී නියම කරන මිල සහ විකිණීමේදී අයකරන මිල අතර පරතරය විශාල වීම නිසා වාණිජ බැංකුවලින් ඩොලර් මිලදී ගන්නන් විශාල අපහසුතාවකට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මේ වනවිට ඇතැම් වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ඩොලර් මිල ලේඛන අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 292/- ක් වනවිට ඩොලරයක විකිණුම් මිල රුපියල් 303/- තරම් ඉහළ මිලකි. මෙලෙස ඩොලර් මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ගෙන් වාණිජ බැංකු 2% ක කොමිස් මුදලක්ද අය කරනු ලබයි. ඒ අනුව ඩොලර් මිලදී ගැනීමෙන් සහ විකිණීමෙන් වාණිජ බැංකු අසාධාරණ ලෙස අධික ලාභ ලබන බවට බැංකුවලට මුදල් එවන විදේශීය ශ්‍රමිකයන් සහ සෙසු මුදල් මිලදී ගන්නා පාරිභෝගිකයෝ චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *