මන්ත්‍රීවරු බාර් පර්මිට් එක ලක්ෂ 500 ගාණේ විකුණයි

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සිය ඥාතීන්ගේ හෝ හිතවතු-න්ගේ නම්වලට බාර් පර්මිට් ලබා ගැනීමට උත්සාහ කරන්නේ, පසුව එම බලපත්‍ර අධික මිල ගණනකට අලෙවි කිරීම සදහා යැයි, අද වෙළද පොලට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඩේලි මිරර් වාර්තා කරන ආකාරයට, බාර් පර්මිට් එකක් රුපියල් ලක්ෂ පන්සියයක් වැනි මුදලකට අලෙවි කළ හැකි ය.

මේ වන විට, රජය, අළුතින් සුරාසැල් 478 ක් විවෘත කිරීම සදහා බලපත්‍ර ලබා දීමට සූදානමින් සිටියි.

රට තුළ සුරාසැල් විවෘත කිරීමේ දී අනුගමනය කරනු ලබන නිර්ණායක පිළිබදව පාර්ලිමේන්තුවේ ඉහළ කාරක සභාවක් විසින් විමර්ශනයක් සිදුකර තිබෙන අතර, එහිදී හෙළි වී ඇත්තේ, ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද ඔවුන්ගේ ඥාතීන්ගේ නම්වලින් බාර් පර්මිට් ලබා ගැනීමට උත්සාහ දරා ඇති බවයි.

එමෙන්ම, එසේ ලබා ගනු ලබන බාර් පර්මිට් ඉහළ මිල ගණනකට අලෙවි කිරීමට ද ඔවුන් උත්සාහ කර තිබෙන බව අදාල කාරක සභාව අනාවරණය කරගෙන තිබේ.

මෙසේ අළුතින් බාර් පර්මිට් ලබා දීමට උත්සාහ කරන්නේ, ජනාධිපතිවරණයට පෙර, මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාදයක් ලෙස බවට ද මතයක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *