ශ්‍රි ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් ආසියාවේ කායවර්ධනයෙන් රන් පදක්කමක් දිනයි

14 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලිය මාළදිවයින, මාළේ නගරය මුල් කර ගනිමින් දකුණු ආසියානු රටවල් 08 ක ක්‍රීඩකයන් 200 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උසස් සෙන්ටි මීටර් 180 ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ සහන් දිල්රුක් සහ උස සෙන්ටි මීටර් 182 ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ බුද්ධික ප්‍රසන්න රන් පදක්කම් දිනා ගැනීමට සමත් වී තිබුණි .

මීට අමතරව උස සෙන්ටි මීටර් 175 කාණ්ඩය යටතේ තරග කළ විශ්ව තාරුක එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි. 

ඔවුන් අතරින් රන් පදක්කමක් දිනූ බුද්ධික ප්‍රසන්න සහ ලෝකඩ පදක්කමක් දිනූ විශ්ව තාරුක පමණක් යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර රන් පදක්කමක් දිනා ගත් සහන් දිල්රුක් ඩුබායි හි සිය රැකියා ස්ථානය කරා ගොස් තිබුණි .

image b7fb2e360f Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *