ජය ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි වුවහොත්, වසරක් තුළ රට වඩාත් හොද තැනකට පැමිණෙනු ඇතැයි, ඇඩ්වොකාටා ආයතනයේ සභාපති, Murtaza Jafferjee මහතා පවසයි.
රජය ඊයේ ඉදිරිපත් කරන ලද අයවැය, “වෙළදපොළ නැඹුරු, ව්‍යාපාර හිතවාදී” අයවැයක් බව ඔහු පවසයි.
අයවැය මගින් ඉදිරිපත් කර තිබෙන ඉලක්ක සපුරා ගැනීම සදහා රජය බදු ආදායම 23% කින් වර්ධනය කර ගත යුතුව ඇති බව පවසන Murtaza Jafferjee මහතා, එය රුපියල් බිලියන 230 ක් බවත්, එවැනි බදු ආදායමක් අළුතින් උපයා ගැනීමට නම්, ජනතාව තුළ නිවාස මිල දී ගැනීමටත් වඩා වැඩි ආශාවක් මෝටර් රථ මිලදී ගැනීමට තිබිය යුතු බවද අවධාරණය කරයි.
රටට සෘජු විදේශ ආයෝජන අවශ්‍ය බව පවසන Murtaza Jafferjee මහතා, ඒ සදහා පෞද්ගලික අංශය හා එක්ව කර්මාන්ත කලාප වැඩි දියුණු කිරීමට අය වැය මගින් කර තිබෙන යෝජනාව පැසසුමට ලක්කර තිබේ.