බස් රථවල ජැක් ගහන අයට වැඩ වරදියි – අපරාධ වරදක් වෙයි

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳ​හා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

පොදු ස්ථානවලදී සිදු වන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් 2022 වසරේ දෙසැම්බර් 12 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට අනුමැතිය හිමිවුණා.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *