ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාවේ පහළ යාමක් සිදුව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉන්ද්‍රාල් ද සිල්වා මහතා සඳහන් කරයි.
මෙම තත්ත්වය දිගටම පැවැතිය හොත් මෙරට 2027 වසරේ දී ප්‍රක්ෂේපිත ජන ජන සංඛ්‍යාව මිලියන 23.1කට වඩා තරමක් අඩු විය හැකි බවද හෙතෙම පැවසීය.
විවාහ වන වයසේ පසුවන තරුණ ප්‍රජාව විදෙස් රටවලට සංක්‍රමණය වීම, විවාහ වන වයසේ පසුවන පිරිස් විවාහ නොවී සිටීමට තීරණය කිරීම ආදී කරුණු මේ සඳහා බලපා ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
ලෝක ජන සංඛ්‍යාවට අදාළ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මිලියන 134 ක් වුවද මෙරට දරු උපත්වල අඩුවීමක් දිගින් දිගටම දක්නට ලැබෙන බවද ප්‍රක්ෂේපණ දත්ත අනුව සර 2019-2023 දී ජන සංඛ්‍යාවෙන් පුද්ගලයන් දහසකට උපත් 12ක් දක්වා අඩුවිය හැකි බවත් ඔහු පවසයි.