මෙරට දුම්වැටි අලෙවිය තවත් වේගයෙන් පහළට යයි

ඉකුත් වර්ෂයේ (2023)    පළමු මාස 09 තුළදී   දුම්වැටි  අලෙවිය සියයට  20.9කින් පහත වැටි ඇති බැව් මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

2022 වර්ෂයේ  පළමු මාස 09  තුළදි දුම්වැටි මිලියන 2,203.9  ක් අලෙවි  කොට තිබුණි. එයට සාපේක්ෂව 2023 දී  දුම්වැටි අලෙවිය පහත වැටි තිබු අතර එය  මිලියන 1,743ක් පමණ විය.

එහෙත් දුම්වැටි මත නිෂ්පාදන බදු ආදායම  ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස 09 තුලදි  රුපියල් බිලියන 90 දක්වා දක්වා සියයට 8.9කින්  වැඩිවි ඇති බවද  මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *