ඇමරිකානු 30% තීරු බදු සහනය ගන්න මෙරට පුද්ගලික සමාගමකට බෝයිං යානා 03ක් මිලදී ගන්න යයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 30% අන්‍යෝන්‍ය තීරුබදු සහනය තහවුරු කර ගැනීම සඳහා දෙරට අතර දැනට පවත්නා වෙ⁣ළෙඳ පරතරය අඩුකර ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා ඇමෙරිකාවෙන් භාණ්ඩ මිලදී ගැනීම වැඩි කිරීමට තීන්දු කර ඇත. වාර්ෂික ඉන්ධන අවශ්‍යතාවයෙන් කොටසක්, මෙරට පෞද්ගලික අංශයට අදාළ සමාගමකට බොයිං වර්ගයේ ගුවන් යානා තුනක් සහ සෝයා නිෂ්පාදන අමුද්‍රව්‍ය මෙහිදී මුලින්ම මිලදී ගැනීමට යෝජනා කර ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. 

මීට අමතරව දෙරට අතර ආනයන අපනයනවලදී දැනට බලපවත්වන වැට් බදු ඉවත් කර එයින් සහනයක් ලබාදීමටත් යෝජනා කර තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ දැක්ම අනුව වැට් බද්ද ද තීරු බද්දක් ලෙස සැලකීම නිසා එම සහනය ප්‍රදානය කරන ලෙසද එරටින් ඉල්ලීමක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු  – ඉරිදා දේශය පුවත්ප​ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *