දූෂණය සහ අකාර්යක්ෂමතාව හේතුවෙන්, ආයෝජකයන් ලංකාව තෝරා නොගන්නා බව, ජර්මානු වාණිජ හා කර්මාන්ත නියෝජිත පිරිසේ ප්රධානී මාරි ඇන්ටෝනියෝ පවසයි.
ඇය මේ බව පවසා ඇත්තේ, ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
දූෂණයට එරෙහි නීති සම්මත කරගෙන තිබුනද, ඒවා ක්රියාත්මක කිරීමේ දී ගැටළුසහගත තත්ත්වයක් පවතින බව මාරි ඇන්ටෝනියෝ වැඩිදුරටත් පවසා තිබේ.
මේ හේතුව මත, ආයෝජකයන් ශ්රී ලංකාව වෙනුවට වෙනත් විකල්ප රටවල් කරා ඇදී යන බව ඈ පවසයි.