ලාංකික සම්භවයක් සහිත වැඩිහිටියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හි වීදියක තිබී හමු වී තිබෙනවා.
විදෙස් වාර්තා පැවසුවේ මොවුන් දෙදෙනාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
මෙල්බර්න් හි මිලියනර්ස් රෝ නමින් හැඳින්වෙන වීදියක මෙම ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වැඩිහිටියන් දෙදෙනාගේ සිරුරු පොලිසිය සොයාගෙන ඇත්තේ ඊයේ පෙරවරුවේ.
ඩියෝන් ක්රැස්පර්ස් සහ ඔහුගේ බිරිඳ මාලින් ක්රැස්පර්ස් මෙලෙස මියගොස් ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ මරණය සැක කටයුතු මරණයක් නොවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඔවුන් අවුරුදු 70 සහ 80 වයස්වලය පසුවන බවද විදෙස් වාර්තාවල සඳහන්.