නිසි වේලාව පැමිණි පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසයි.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම් විභාගයට සහභාගි වීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ඒ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – ක්‍රිකට් තහනම ඉවත්කරගන්න යම් වැඩපිළිවෙළක් යොදන්න බලාපොරොත්තු වෙනවාද ?

“දැනට ජනාධිපතිවරයා කමිටුවක් දලා තියෙනවා ඒ අයට භාරදීලා තියෙනවා ICC එකත් එක්ක කථා කරන්න දැන් තියෙන නීතිය අනුව අපිට යන්න පුළුවන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ගිහිල්ල වැඩ ටික කරන්න පුළුවන්. නමුත් අපි මහත්වරු හැටියට තීරණයක් ගත්තා අපි යන්නේ නැහැ. මේ ප්‍රශ්නය ඉවර වෙනතුරු අපි පැත්ත පළාතේ යන්නේ නැහැ. ක්‍රිකට් කියලා කරන්න දෙයකුත් නැහැ. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේක. හරි වෙලාව ආවට පස්සේ ඕක ඉතාමත් ඉක්මනින් හදන්න පුළුවන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *