ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරුවෝ ඊයේ මරාගනියි – ගැටුමේ සියළු තොරතුරු එළියට

ක්‍රිකට් පුහුණු අංශයේද ඊයේ ( 22) සවස ගිනි පත්තු වී ඇතැයි වාර්තා වේ.

ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ උසස් දක්ෂතා අංශයේ පැවැති පුහුණුකරුවන්ගේ රැස්වීමක් අවසානයේ සහය පුහුණුකරු නවීඩ් නවාස් හා පන්දු රැකීම් පුහුණුකරු ඇන්ටන් අතර බහින් බස් වීමක් සිදුවී ඇති අතර එය ගහ ගන්නා තත්ත්වයකට වර්ධනය වී තිබේ.

මෙයට ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් හා උසස් දක්ෂතා අංශ ප්‍රධානී ටිම් මැකක්ස්කිල්ද  මැදිහත් වීම නිසා දේශීය පුහුණුකරුවන් හා විදෙස් පුහුණුකරුවන් අතර ගැටුමක් බවට පත්ව ඇත.

ඉන්පසු උපදේශක මහේල ජයවර්ධනද මෙම ගැටුම මැදට පැන කෑ කෝ ගසා ඇත්තේ මුළු ඛෙත්තාරාම ක්‍රීඩාංගණයම දෙවනත් කරවමින් බව එහි සේවකයෝ පවසති.

ගැටුමට හේතු වී ඇත්තේ රැස්වීමේදී පන්දු රැකීමේ පුහුණුකරු ඇන්ටන් විසින් ලෝක කුසලාන තරගාවලියේ අන්‍ත පරාජයට වග කිව යුත්තේ දුර්වල පිතිකරණය බවත් එහි වගකීම නවීඩ් නවාස් විසින් භාරගත යුතු බවත් පැවසීම නිසා බව වාර්තා වේ.

මෙහි විහිළුව වන්නේ ලෝක කුසලානයේ වැඩිම උඩ පන්දු සංඛ්‍යාවක් අත හැරි කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු මෙසේ පිතිකරණ පුහුණුකරුට ඇඟිල්ල දිගු කිරීමය.

One thought on “ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරුවෝ ඊයේ මරාගනියි – ගැටුමේ සියළු තොරතුරු එළියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *