ක්‍රිකට් නිළධාරීන්ට තවදුරටත් පුටුවල ඉන්න ගැසට් එකක් ඇමති හරීන් නිකුත් කරයි


ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ පරිපාලන කාල සීමාව අවුරුදු 8කින් දීර්ඝ කිරීමට රජය කටයුතු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අද (10) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කළේ, විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති මෙම ගැසට්ටුව හරහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට අවුරුදු 8ක් එම ධූරයේ කටයුතු කර, එම ධූරවලින් ඉවත් වූ පසු ඔවුන්ට තවත් අවුරුදු 16ක් විධායක සභිකයන් ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා එහි දී පෙන්වා දෙනවා.

කෙසේ නමුත් මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ, සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ එම ගැසට් නිවේදනය ඉවත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *