අලුත් අය පුහුණු කරන්න කාලයක් නෑ – මැතිව්ස් පරම්පරාවේ ක්‍රීඩකයෝ ලෝක කුසලාන සංචිතයට

විවිධ හේතූන් මත පසුගිය කාලයේදී විස්සයි20 ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනකු ඇමෙරිකාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින් නැවත ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට කැඳවීමට තීරණය කර ඇතැයි නව ක්‍රිකට් තේරීම් කමිටුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

‘මැතිව්ස් පරම්පරාවේ’ ක්‍රීඩකයන් ලෙස හඳුන්වන මෙම ක්‍රීඩකයන් නොමැතිවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අත්දැකීම් නොමැති නම් දැරූ ක්‍රීඩකයන් නොමැති කණ්ඩායමක් බවට පත්ව ඇති බවත් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජූනි මස පැවැත්වීමට නියමිත බැවින් අත්දැකීම් ඇති වෙනත් ක්‍රීඩකයන් පුහුණු කිරීමට කාලයක් නොමැති බවත් එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා කීය. 

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරා සහ ඉසුරු උදාන මෙන්ම විස්සයි20 කණ්ඩායමේ ස්ථාන අහිමිවූ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයන් 6 ක් පමණ නැවත විස්සයි20 සංචිතයට කැඳවන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙම ක්‍රීඩකයන්ගෙන් කිහිප දෙනෙක් ක්‍රිකට් තේරීම් පිළිබඳව ඇතිවූ කලකිරීමෙන්, ඇතැමුන් තේරීම් කමිටුවේ නොසැලකිල්ලෙන් සහ ඇතමුන් විවිධ රටවල්වල ලීග් තරගාවලි සඳහා සහභාගි වීම වැනි විවිධ හේතූන් නිසා ක්‍රිකට් පිටියෙන් සමුගත්තෝ වෙති. 

මේ අතර ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් දස්කම් සංවර්ධන අංශයට සේවයට පැමිණීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *