මෙරට ඩිජිටල් පරිවර්තනයට සහ සයිබර් ආරක්ෂාවට එංගලන්තයේ සහාය හිමි වෙයි

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික්, දෙවන ලේකම් (දේශපාලන) ඇලෙක්සැන්ඩර් ස්මිත් අතර හමුවක් පසුගිය දා කොළඹ පිහිටි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

මෙම හමුව දෙරට අතර දිගුකාලීන සම්බන්ධතා මෙන්ම ඩිජිටල් පරිවර්තනය සහ සයිබර් ආරක්ෂාව යන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමට වැදගත් පියවරක් වී තිබෙනවා. විශේෂයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ප්‍රමුඛතා දිරිමත් කිරීම, ඩිජිටල් නවෝත්පාදන සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව සඳහා නව අවස්ථා හඳුනා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබුණා.

මෙම හමුව සදහා නවදිල්ලියේ විදේශ , ආරක්ෂක ප්‍රතිපත්ති සඳහා දකුණු ආසියානු සයිබර් ප්‍රධානී ලෝරා බෝල්ඩ්වින් සහ විදේශ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් දමිත්‍රි සමන්ගිකා මහත්මිය ද සහභාගීව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *