ශ්‍රි ලාංකික වෛද්‍යවරු සුෂුම්නාවේ සැත්කමක් සිහි නැති නොකර සාර්ථකව කරයි

ශ්‍රීලංකාවේදී ප්‍රථම වරට සුසුම්නාවේ ENOSCOPIC සැත්කමක් සිහි නැති කිරීමකින් තොරව සිදුකිරීමට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා ප්‍රමුඛ බදුල්ල ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්මණ්ලයක්සමත්වීතිබේ.

මෙම සැත්කම බදුල්ල ශික්ෂණ රෝහලේදී අද (11දා) සිදුකළ බවත් සැත්කමට මුහුණදුන් 72 හැවිරිදි කාන්තාව සුවසේ සිටින බවත් ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා පැවසීය.

මෙම කාන්තාව දීර්ඝ කාලයකසිට කොඳුඇටපේලියේ ආබාධයක් නිසා දැඩිවේදනාවට හා ඇවිදීමේ අපහසුතාව පත්වසිටි කාන්තාවක් බවත් ඇය හෘදරෝගියෙක් නිසා ශල්‍යකර්මයක් සිදුකිරීමේදී අවදානම් සහිත තත්ත්වයක් තිබූ බවත් හේවගේ මහතා අවධාරණය කළේය.

කෙසේ නමුත් අපේ රටේදී ප්‍රථම වරට සිහිනැතිකිරීමකින් තොරව සුසුම්නාවේ ENDOSCOPPY සැත්කම සිදුකිරීමට තීරණයකළ බවද ඔහු සඳහන්කළේය.

‍හේවගේ මහතා මෙසේද පැවසීය.

“මෙහිදී ඇතිවාසිය තමයි සිහිනැති කිරීමකින් තොරව රෝගියා සමග කතා කර කර එයාගේ කකුලේ වේදනාව අඩුවෙනවද කිය කියා විමසමින් සිදුකිරීමට හැකිවීම. ඒවගේම සුසුම්නාවට පහළින් තියෙන කාටලේජ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ඇති හැකියාව වැඩියි. ඒ වගේම ඉතා කුඩා කැපුමක් පමණක් සිදුකරන නිසා රෝගියාට ලොකු වේදනාවක් ඇති නොවන බවත් කැපුම් කැළලක් ඇතිනොවන බවත් විශේෂඥ වෛද්‍ය  හේවගේ මහතා වැඩිදුරටත් සඳහන්කළේය. 

පාලිත ආරියවංශ

image 6d0b92f694 Iri News
image fd62bccac1 Iri News
image 2c8ed371e7 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *