මේ දිනවල දිගින් දිගටම සිදුකරන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් නිසා මත්ද්‍රව්‍ය විශාල හිඟයක් පවතින බව මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම තත්ත්වය මත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් මානසික වශයෙන් පීඩාවිඳින බව පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී තිබේ.
දැනට පොලිස් භාරයේ පසුවෙන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය හිඟය පිළිබඳව පොලිසියට කරනු ලබන ප්‍රකාශවලින් මෙම තත්ත්වයන් ගැන අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්කුඩු පැකට් එකක් රුපියල් දෙදාහකට හෝ ඊට වැඩි මිලකට විකුණන බව සඳහන්ය.
මූලාශ්‍රය – දිවයින